අනාරක්ෂිත ළිඳකට වැටී සිඟිත්තියක් මියගිය ඛේදජනක පුවතක්..

Sri Lanka
By krishani Jun 05, 2022 02:36 AM GMT
krishani

krishani

Report

වවුනියාව - සුන්දරපුරම් ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටී පෙරේදා(03) වයස අවුරුදු තුනක දැරියක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

දැරියගේ මව විසින් මෙම කුඩා දැරිය ඥාතී නිවසක තබා කුළියට රටකජු ගැලවීමට ගොස් ඇති අවස්ථාවක මෙම අනතුර සිදුව ඇති අතර දැරිය අදාළ ඥාති නිවසේ දැක ගැනීමට නොහැකි වූ අවස්ථාවේ මව විසින් සොයා ඇති අතර පසුව දැරිය ළිඳට වැටී ඇති අයුරු දැක ඇති බව සඳහන් වේ.

ළිඳට වැටුණු දැරිය ළිදෙන් ගොඩගෙන රෝහල්ගත කර ඇති අතර, ඒ වනවිටත් දැරිය මියගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha