මාස 7ක කුඩා බිළිඳියකට ගෙනා හදවත් කම්පා කරන ඛේදවාචකය.

Sri Lanka Police Sri Lanka Accident
By krishani May 13, 2023 04:27 AM GMT
krishani

krishani

Report

ඊයේ (12) තංගල්ල- ගොඩිගමුව පුදේශයේ සිදු වූ රිය අනතුරකින් මාස 7ක කුඩා බිළිඳියක් ජීවිතක්ෂයට පත් විය. 

ඒ අඟුණුකොළපෑලැස්ස බලා ගමන් කරමින් තිබූ වෑන් රථයක් සහ තංගල්ල බලා ගමන් ගත් ලොරි රථයක් ගොඩිගමුව ප්‍රදේශයේ දී එකිනෙක ගැටීමෙන් ය. 

එම අවස්ථාවේ දී වෑන් රථයේ එකම පවුලේ පස්දෙනෙකු ගමන්කරමින් සිට තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූ එම පිරිස සහ ලොරි රථයේ රියදුරු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර තංගල්ල රෝහලට ඇතුළත් කළ මියගිය බිළිඳියගේ මව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරු කර යවා ඇත.

ලොරි රථය පැද වූ රියදුරාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join