සාරි පොටක ගෙල සිර වීමෙන් දරුවෙකු මිය ගිය අවාසනාවන්ත පුවතක්.

Sri Lanka Police Sri Lanka
By krishani Dec 24, 2022 04:58 AM GMT
krishani

krishani

Report

හපුතලේ - පිටරත්මලේ වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ දරුවෙකුගේ ගෙල සාරි පොටක සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

පසුගිය 22 වන දා රාත්‍රියේ මෙම දරුවා සිය සහෝදරයන් සමඟ නිවසේ සෙල්ලම් කරමින් සිට ඇති අතර මව විසින් දරුවන් දෙදෙනෙකු නිදි කරවීම සඳහා වෙනත් කාමරයකට රැගෙන ගොස් ඇත.

නැවත මව පැමිණෙන විට අදාළ දරුවා බාල්කයේ එල්ලා තිබූ තොටිල්ල සකස් කර තිබූ සාරි පොටේ ගෙළ සිර වී සිටිනු දැක ඇති අතර ඒ වනවිටත් දරුවා මියගොස් ඇති බව පොලිසිය පවසයි.

12 හැවිරිදි මෙම දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණයද ඊයේ සිදුකර ඇති. එහි දී අනාවරණ වී ඇත්තේ ගෙළ සිරවීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha