ජාතිවාදය හැමදේටම මුල්වෙලා. - ඊශ්‍රායල සමඟ මිතුරුකමත් අත් හැරලා.

By Wayomi Nov 17, 2023 12:52 PM GMT
Report

 ඊශ්‍රායලයට බලශක්තිය ලබා දෙමින් ඒ වෙනුවට ඊශ්‍රායලයෙන් පානීය ලබා ගැනීමේ ගිවිසුමට තමන් අත්සන් නොකරන බව ඊශ්‍රායලයේ අසල්වැසියා වන ජෝර්දානය තීරණය කර තිබෙනවා.

ඒ, ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් අහිංසක පලස්තීන මුස්ලිම් වැසියන් ජීවිතක්ෂයට පත් වීමට විරෝධය පළ කරමින්.

ජෝර්දාන විදේශ ඇමැති අයිමාව් සෆාඩී අල් ජසීරා පුවත් සේවයට අදහස් දක්වා තිබුනේ මෙලෙසින්,

"ඊශ්‍රායලය සමඟ කලාපීය වශයෙන් අප ව්‍යපෘති රැසක් ආරම්භ කර තිබෙනවා. ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඊශ්‍රායල හමාස් යුද්ධය නිසා ඒ සියල්ල අප අත්හිටුවීමට තීරණය කළා.”