දීර්ඝ කිරීම ගැන දැනුවත් ද?..ඔන්න ලබන 7වනදා දක්වාම කල් තියෙනවා..

Sri Lanka Income Tax Department Income Tax Return
By Piyumika Dec 04, 2024 07:35 AM GMT
Piyumika

Piyumika

Report

2023/2024 තක්සේරු වර්ෂය සදහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු දිනය ලබන 7වනදා දක්වා දීර්ඝ කර තිබේ .

ඒ පසුගිය දිනවල දිවයිනේ පැවති ආපදා තත්වයන් සැළකිල්ලට ගනිමින්.

ලාබයි ගන්නකො මාළු කියන්න බැරි තරමටම මාළු මිල ඉහලට...

ලාබයි ගන්නකො මාළු කියන්න බැරි තරමටම මාළු මිල ඉහලට...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ එදිනට හෝ ඊට පෙර ආදායම් වාර්තා ගොනු කිරීමට කටයුතු කරන ලෙසයි.

මීට පෙර නොවැම්බර් මස 30 වනදා තෙක් ඒ සඳහා අවස්ථාව ලබාදී තිබුණි.

එළැඹෙන කාර්තුවේ දී සොරකම් කළ වත්කම් යළි අයකරගන්න අලුතින්ම තුනක් ..

එළැඹෙන කාර්තුවේ දී සොරකම් කළ වත්කම් යළි අයකරගන්න අලුතින්ම තුනක් ..

මේ අතර, 2023/2024 තක්සේරු වර්ෂය සදහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු පුද්ගල සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව පන් ලක්ෂ 34,696කින් ඉහළ ගොස් තිබෙනවා.

එය පෙර තක්සේරු වර්ෂයේදී තුන් ලක්ෂ 33,013ක් ලෙස සටහන් වූ අතර මේ වසරේදී අට ලක්ෂ 68,009ක් ලෙස දැක්වෙන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

නිතරම ලෙඩක් දාගෙන රෝහලට යන්නේ මොකද කියල බැලුවම තමා වැඩේ මාට්ටු වුනේ..

නිතරම ලෙඩක් දාගෙන රෝහලට යන්නේ මොකද කියල බැලුවම තමා වැඩේ මාට්ටු වුනේ..

2017 අංක 24 දරණ දේශිය ආදායම් පනතට අනුව මසකට රුපියල් ලක්ෂයකට වැඩි හෝ වසරකට රුපියල් ලක්ෂ 12කට වැඩි ආදායම් ලබන්නන් බදු ගෙවිය යුතු වනවා.

You may like this video

ReeCha