නිවසින් අතුරුදන් වූ තරුණයෙකුගේ මළ සිරුර හමුවූ තැන

Sri Lanka Police Nuwara Eliya Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Aug 15, 2022 09:33 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිවසින් අතුරුදහන්ව සිටි තරුණයෙකුගේ සිරුර නුවරඑලිය ග්‍රේගරි වැවිට ජලය ගලා බසිනා තලගලඔයේ තිබි අද (15) හමු වූ බව නුවරඑලිය පොලිසිය පවසනවා. මෙසේ තලගලඔයේ තිබි හමු වි ඇත්තේ නුවරඑලිය බඹරකැලේ වතුයායේ පදිංචිව සිටි සුන්දරලිංගම් ශෂිදරන් නැමති 22 හැවිරිදි තරුණයාගේ සිරුරයි.

අද (15) උදෑසන නුවරඑලිය තුරග තරග පිටිය හරහා ග්‍රේගරි වැවට ජලය ගලා බසින තලගල ඔයේ තිබෙනු ක්‍රිඩා අමාත්‍යංශයට අයත් නිවාඩු නිකේතනයේ සේවකයෙකු දැක ඒ බව ඔහු විසින් නුවරඑලිය පොලිසියට දැනුම් දී තිබෙනවා. තරුණයා අතුරුදහන් වි ඇති බවට මියගිය තරුණයාගේ ඥාතින් විසින් නුවරඑලිය පොලිසියට ඉකුත් (06) දින පැමිණිලි කර ඇති අතර, එම ඥාතින් විසින් තලගලඔයේ තිබී හමු වූ මළ සිරුර අතුරුදහන්ව සිටි තරුණයාගේ සිරුර බවට හදුනාගෙන තිබෙනවා.

මේ අතර මියගිය තරුණයා නුවරඑලිය බඹරකැලේ ප්‍රදේශයේ පිහිටි ළමා ගම්මානය අසලින් මාර්ගයේ බිමත්ව නිවසට ගමන් කරන ආකාරය එම ළමා ගම්මානයේ ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබුණා. මෙලෙස හමු වු මියගිය තරුණයාගේ සිරුර නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් අනතුරුව නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුවරඑළිය පොලිසිය විසින් පවත්වනවා.


ව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now