මහනුවර ගැටඹේ විහාරස්ථානයකින් හමු වූ මළ සිරුර.

Sri Lanka Police Kandy Crime Murder
By Wayomi Apr 08, 2024 05:08 AM GMT
Wayomi

Wayomi

Report

මහනුවර ගැටඹේ ප්‍රදේශයේ විහාරස්ථානයේ සැකකටයුතු ලෙස මියගොස් තිබු මළ සිරුරක් හමු වී තිබෙනවා.

ඒ, විහාරස්ථානයක ගරාජයක් තුළ පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට ලද තොරතුරක් මත මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් විමර්ශන ආරම්භ කර ඇත.

පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී මියගිය පුද්ගලයාගේ දෙපා හා අත් ලණුවකින් ගැට ගසා මුනින් අතට වැටී පරදීමකින් ඇති වූ තුවාල සහිතව මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස මියගොස් ඇත්තේ, 42 හැවිරිදි මැණික්හින්න ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

සිද්ධිය වන විට එම විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි සිවිල් ආරක්ෂක භටයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්.

ReeCha