දෛනික කොවිඩ් මරණ වල වැඩිවීමක් අවදානම් තත්ත්වයක්...

By Sithumi Aug 02, 2022 11:51 AM GMT
Sithumi

Sithumi

Report

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (01) තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 07ක් අද වාර්තා වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව පවසයි.

ඒ අනුව මියගිය පුද්ගලයින් අතර වයස අවුරුදු 30 ත් 59ත් අතර කාන්තාවන් දෙදෙනෙකු සිටින බව එම නිවේදනයේ සඳහන්. මියගොස් ඇති සෙසු පුද්ගලයින් වන්නේ වයස අවුරුදු 60ට වැඩි පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකි.