දයාසිරිට අධිකරණයෙන් ලැබුනු විශේෂ තීරණය..!
කොළඹ දිසා අධිකරණය විසින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මකවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
මේ අතර අධිකරණය විසින්, දයාසිරි ජයසේකර මහතා දැරූ පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කිරීම සඳහා පත් කරනු ලැබූ සරත් ඒකනායක මහතාට එම ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් වාරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.
කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා විසින්, පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.