විකෘති කාම ආශාව නිසා බිරිඳගේ ආදරය අහිමි කර ගත් සුපිරි නළුවා (PHOTOS)

GOSSIP David Duchovny X-Files Téa Leoni CELEBTITY
By Sithumi Dec 09, 2021 05:02 PM GMT
Sithumi

Sithumi

Report

David Duchovny කියන්නේ ඇමරිකාවේ ඉන්න දක්ෂ නළුවෙක්, ඔහු නළුවෙක් විතරක් නෙමෙයි අධ්‍යක්ෂවරයෙක්, පද රචකයෙක්, නවකතාකරුවෙක්, වගේම නිෂ්පාදකවරයෙක්. X-Files කතාමාලාවේ "ෆොක්ස් මෝල්ඩර්" ලෙස අතිශය ජනප්‍රිය වෙන ඔහු මුලින්ම සිනමාවට අවතීර්ණ වෙන්නේ අසභ්‍ය කාමුක නිරූපන ශිල්පියෙක් හැටියට කටයුතු කරලයි.

එවැනි කටයුත්තකට ඔහු සම්බන්ධ වෙන්නේ ආර්ථිකය ගොඩ නගාගන්න අවශ්‍ය වූ බව ඔහු පසු කාලයේදී මාධ්‍යට සඳහන් කරනවා. සිනමාවේ ජනප්‍රිය තරුවක් වෙන්න පටන් ගද්දි ඔහු විවාහයක් ගැන හිතනවා. බිරිඳ හැටියට ඔහු තෝරා ගන්නේ ඇමරිකානු නිලියක් වූ Téa Leoni ව. ඇය ඔහු සමඟ විවාහ වීමට පෙර Neil Joseph Tardio සමඟින් විවාහ වී සිටියා.

කෙසේ නමුත් ඇයට David සමඟ වැඩි කාලයක් සතුටින් ජිවත් වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඊට හේතුව ඔහු තුල ඇති දැඩි කාමුක ලිංගික හිරිහැර කියලයි ඇය දික්කසාද නඩුව ගොනු කරමින් පවසා තිබුණේ. ඒ හේතුවෙන් David සමාජය ඉදිරියේ දැඩි අපහසුතාවයට පත් වුණා වගේම එය නිවැරදි කරන්න දැඩි ලෙස වෙහෙස ගත්තා.

කොහොම නමුත් ඔහු ප්‍රතිකාර ලබන වෛද්‍යවරුන් නම් කියා තිබුණේ ඔහු කිසියම් මානසික රෝගයකින් පෙලෙන බවත් ඊට ප්‍රතිකාර කරන බවත් පමණයි, David ට හිටපු බිරිඳ එල්ල කළා චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළා. ඔවුන් දෙදෙනා දික්කසාද වෙන්නේ 2014 වර්ෂයේදී. ඔවුන් දාව ගැහැණු දරුවෙකු හා පිරිමි දරුවෙකු ඉපදුනා. දැන් දියණියට වයස අවුරුදු 22ක් වෙනවා, පුතාට වයස අවුරුදු 19ක් වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha