පුද්ගලයෙක් Dating App හරහා සිදුකළ අපරාධය

United States of America
By Sithumi Mar 23, 2023 02:00 PM GMT
Sithumi

Sithumi

Report

Dating Apps හරහා කාන්තාවන්ගෙන් මුදල් වංචා කළ අමෙරිකානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

69 හැවිරිදි වියේ පසුවන ඔහු කාන්තාවන්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1.8 ක මුදලක් සොරකම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අමෙරිකාවේ නිව්යෝර්ක් හි පදිංචි අදාළ පුද්ගලයා Dating Apps හරහා කාන්තාවන් හමු වී ඔවුන් සමග සබඳතා පවත්වා මුදල් වංචා කර ඇති බවට අනාවරණය වී ඇත.

ව්‍යාජ නම්වලින් පෙනී සිටිමින් ඔහු වසර ගණනාවක සිට මුල්‍ය වංචාවේ නිරතව සිට ඇති අයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now