මම තමයි අපේ පවුලේ ඉන්න අහිංසකම, ලස්සනම ළමයා - නවක සුරූපී නිලි දසුනි සිනෙත්මා (PHOTOS )

Gossip Today SL Actress Gossips
By Sithumi Aug 02, 2022 03:50 PM GMT
Sithumi

Sithumi

Report

අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි දසුනි සිනෙත්ම කියලා කියන්නේ.

ඉතින් මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන නීල පබළු ටෙලි නාට්‍යයේ අමායා විදිහටත්, රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේ යෙනුකි විදිහටත් ඇය ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් රංගනය කියන්නේ ඇයගේ තාත්තාගේ සිහිනයක් කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 4 සහ ලිට්ල් ස්ටාර් සීසන් 5 තරඟාවලි දෙකෙන්ම ඇයට අවසන් පස්දෙනා අතරට එන්න ලැබුණා කියලත් ඇය කියනවා.

ඉතින් ඊට පස්සේ සන්ලයිට් වෙළෙඳ දැන්වීමකට තමයිලු ඇයට මුලින්ම ආරාධනා ලැබුණේ. ඊට පස්සේ පුංචි සත්සර, සමනල සිරස, පුංචි කුස්සිය වැඩසටහන්වලටත් ආරාධනා ලැබුණා කියලයි ඇය කියන්නේ. ඊට පස්සේ ඇය හිරු සුපර් ඩාන්සර් තරගාවලියටත් සහභාගි වුණාලු. එහිදී එම තරඟයේ ටොප් 10වලට තේරුණා කියලත් ඇය කියනවා. ඉතින් ඊට පස්සේ තමයිලු ඇයගේ පළමු ටෙලිනාට්‍ය විදිහට ‘සිද්ධාර්ථ ගෞතම’ ටෙලි නාට්‍යයට ආරාධනා ලැබුණේ.

ඉතින් ඇය රංගනයට අමතරව නර්තනය කරන්න තමයිලු ගොඩක්ම කැමැති. ඒ වගේම ඇය මේ වන විට පාසල් අධ්‍යාපනය හදාරනවා කියලයි ඇය කියන්නේ. ඒ නිසා පාසල් මට්ටමේ තරගවලින් සමස්ත ලංකා තරගවලට සහභාගි වෙලා ජයග්‍රහණ ලබා ගෙන තියනවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම ඇය තමයිලු ඇයගේ පවුලේ ඉන්න අහිංසකම කෙනා.

ඒ වගේම ඇයගේ පවුලේ ඇයයි, අම්මයි, අයියයි, නංගිලා දෙන්නයිලු ඉන්නේ. ඒ වගේම ඇයගේ අනාගත බලාපොරොත්තුව රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියටම යන එකලු. ඉතින් ඒ වගේම පවුලේ සාමාජිකයන් සමඟ සතුටින් සරල ජීවිතයක් ගත කරන්න තමයිලු ඇයගේ එකම බලාපොරොත්තුව.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now 


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha