ගෙල කපා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම ඇතුළු කොල්ලකෑම් ගණනාවකට සැක හමුදා සෙබළෙකු අත්අඩංගුවට
By Mithu
ගෙල කපා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම ඇතුළු කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ බව කියන යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පනාගොඩ යුද හමුදා කඳවුරේ ක්‍රීඩා අංශයට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකි. සැකකරු සමඟ මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 500ක් සහ කොල්ලකෑම් සඳහා යොදාගත් යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
හෝමාගම, පිටිපන, ගලගාහේන, සිංහඅරන ප්‍රදේශයේදී ඉකුත් 16 වැනිදා ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ අපරාධයේ ප්‍රධාන සැකකරු මොහු බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.