මගේ මල්ලි 2001 වසරේදී තැලිසිමියා රෝගයෙන් නැති වුණා ප්‍රසිද්ධ නළු ධනුක කියන සංවේදී කතාව (PHOTOS)
මේ දවස්වල පුංචි තිරය තුල නැවත වතාවක් දකින්න පුළුවන් සොඳුරු රංගන ශිල්පියෙක් තමයි ධනුක දිල්ශාන් කියලා කියන්නේ. ඔහුගේ රංගනයට එදා වගේ අදත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. කාලෙකට පස්සේ පියාඹන මූනිස්සම් කියන ටෙලි නාට්‍ය හරහා ධනුක ව අපට දැකබලා ගන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.
මේ ටෙලිනාට්‍යයට අමතරව ඔහුගේ ජීවිතය තවත් එක් සොඳුරු කඩඉමක් තමයි තණමල්විල කොල්ලෙක් කියන ටෙලි නිර්මාණය. ඒ නිර්මාණයට තාමත් ප්‍රතිචාර ඔහුට ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් ධනුක අදහස් දක්වන්නෙ මෙහෙමයි.
මම කාගෙන්වත් අහන්න යන් නෑ. මගේ රඟපෑම මම හරි බයයි පාරක වත් බැහැලා යන්න නළුවෙක් විදියට. වෙලාවකට ජනප්‍රියත්වයත් හරි වදයක්. යන යන තැන කෙල්ලෝ කොල්ලෝ දැක්කොත් වටකර ගන්නවනේ.
නමුත් ඒ කාලේ ලැබුන සහ ඇතැම් විට දැනටත් ලැබෙන ප්‍රතිචාරවලින් තේරෙනවා තනමල්විල කොල්ලෙක් කියන්නේ බොහෝ දෙනෙක් ආසාවෙන් බලපු නාට්‍යයක් කියලා. ඒ විදියට අදහස් දක්වන ධනුක සඳහන් කරන්නේ මිනිස්සු බලන්නත් ඕනි ඒ වගේ කතා කියලයි. ධනුක හැඩකාර රංගන ශිල්පියෙක් ඒ නිසා ඔහුට පෙම්වතියක් නැති වෙන්න විදිහක් නැහැ .
ඒ පිළිබඳව අහපුහම ඔහු උත්තර දුන්නේ මේ විදිහටයි. දැන් අවුරුදු හතරක පහක ඉදන් මම තනිකඩයෙක්. මම ආදරය කරන්නේ අවංකවමයි නමුත් මොනයම් හෝ හේතුවක් නිසා ඒ දේවල් නැති වුණා. ආදරය කියලා මම නම් දකින්න බුදුහාමුදුරුවන්ගේ ආදරේ විතරයි ඒක දෙමව්පියන්ට වෙනම පෙම්වතියට වෙනම ඇතිවන ජාතිය ආදරයක් නෙවෙයි.
ආදරේ සම්බන්ධව ඔහු අදහස් දක්වන්නෙ එහෙම. ධනුක ලෝකෙට නළුවෙක් උනාට ගෙදරට ආදරණීය පුතෙක් එවගේම සහෝදරයෙක්. ධනුකගේ ආදරණීය සහෝදර පුරුකේ එක් සහෝදරයෙක් මීට වසර ගණනාවකට උඩදී ජීවිතයෙන් සමුගන්නවා. ඒ අඳුරු මතකයන් පිළිබඳව ඔහු මතකය ආවර්ජනය කළේ මේ විදියටයි.
මගේ පවුලේ මමයි නංගියි මල්ලියි ඉන්නෙ. මල්ලි 2001 වසරේ තැලිසිමියා රෝගයේ නැතිවුණා. සාමාන්‍යයෙන් තැලසීමියාව කියන්නෙ පරම්පරාවෙන් එන රෝගයක් කියලනේ කියන්නේ. නමුත් අපේ පරම්පරාවේ කිසිම කෙනෙකුට ඒ රෝගය නැහැ. මල්ලි ට එන්නත් කරපු බෙහෙතක් වැරදිලා තමයි තැලසීමියා රෝගයට හැරවිලා තියෙන්නේ. මාසෙන් මාසෙට එයාට ලේ දෙන්න වුනා ඒ මාරු කරපු ලේ වලින් අන්තිමට දියවැඩියාව වගේ නොතිබිච්ච ලෙඩත් ආවා.
එතකොට නංගිට මාස හතරයි අම්මා වැඩිහරියක් හිටියෙ මල්ලි එක්ක රිජ්වේ එකේ. ඉතින් මන් තමයි ගෙදරට වෙලා නංගිව බලාගත්තේ නමුත් මල්ලි දුක් නොවිඳ නැති වුණ එක හොඳයි. ඔහු තමන්ගේ ආදරණීය මල්ලිගෙ වියෝව පිළිබඳව මතකය ආවර්ජනය කළේ ඒ විදියට. කෙසේ නමුත් ඉදිරියේදී හොඳම නිර්මාණ කීපයකින් නැවත වතාවක් ප්‍රේක්ෂකයන් හමුවට එන්න මේ සොඳුරු රංගන ශිල්පියා සූදානමින්. ඒ සියලු බලාපොරොත්තු එයාකාරයෙන් ඉෂ්ට වේවා කියා අපි හදවතින් ම ඔහුට සුභ පැතුම් එක් කරන්නෙමු.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. |