සෙව්වන්දිගේ උපන්දිනේට කේක් කපන්න ලෑස්ති වුණු හැමෝටම වැඩ වරදියි - CID පරීක්ෂණයක්

Report

කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) රැඳවුම් භාරයේ සිටින සෙව්වන්දි නැමැති  සැකකාරියකගේ උපන්දිනය පොලිස් සිර මැදිරි තුළ සැමරීමට ගිය අපූරු උත්සාහයක් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මැදිහත්වීමෙන් වළක්වා තිබේ.

ඉෂාරා සෙව්වන්දි නමැති මෙම සැකකාරිය වෙනුවෙන් පසුගිය මාර්තු 29 වනදා කොළඹ අපරාධ කොට්ඨාසය තුළ මෙම උපන්දින කේක් කැපීමේ සැමරුම සංවිධානය කර තිබුණි.

කෙසේ වෙතත්, මේ පිළිබඳව ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ස්ථානයට ගොස් සැමරුම වළක්වා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය වෙත වාර්තාවක් ද ඉදිරිපත් කර ඇත.

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් පලා යයි

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් පලා යයි

පොලිස් නිලධාරීන්ගේ වෘත්තීය ආචාරධර්ම බරපතළ ලෙස උල්ලංඝනය කරමින් සැකකාරියකට මෙලෙස විශේෂ වරප්‍රසාද ලබාදීමට කටයුතු කිරීමේ චෝදනාව මත, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාව (OIC) වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත මාරු කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.

අවිධිමත් සහ නීත්‍යානුකූල නොවන අයුරින් සිදු වූ මෙම සිදුවීම පිළිබඳව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU) මඟින් පුළුල් පරීක්ෂණ අරඹා ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

මාලදිවයිනත් ලොකු අවුලක - ඉන්දියාවෙන් තෙල් ඉල්ලයි

මාලදිවයිනත් ලොකු අවුලක - ඉන්දියාවෙන් තෙල් ඉල්ලයි