මෙරට ගීතයක් ප්‍රථම වරට ජාතික උරුමයක් බවට පත්වෙයි..එම ගීතය මෙන්න.(VIDEO)

Cinema Lead Bandula Gunawardane Sri Lanka Social Media
By Aruna May 16, 2023 03:37 AM GMT
Aruna

Aruna

Report

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

1903 වර්ෂයේ දී ජෝන් ද සිල්වා ශූරින් විසින් රචනා කර ඇති විශ්වනාත් ලව්ජි මහතා විසින් තනු නිර්මාණය කර තිබෙන සිරිසඟබෝ නාට්‍යයේ ඇතුළත් මෙම ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ, මෙරට ජාතික ගීය භාවිතයට ගැනෙන තුරු උත්සව හා වෙනත් අවස්ථාවලදී එම ගීතය ජාතික ගීතය හා සමානව භාවිතයට ගත් බවට සාක්ෂි ඇති බවයි.

ඒ සියලු හේතුන් සැලකිල්ලට ගනිමින් දන්නෝ බුදුන්ගේ ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය මෙලෙස හිමිව ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha