ඩෑන් ප්‍රියසාද්ට ෂොට් එක දුන්නේ රාජපක්ෂ රෙජිමයි..??? ප්‍රබල සාක්ෂියක් නිහඬ කළා...?
සමාජ ක්‍රියාකාරීයෙකු ලෙස තමන්ව සමාජයට පෙන්වාගෙන මෙරට තුල බෙදුම්වාදය ආගම්වාදය පෝෂණය කිරීමට සහ රට තුල සිදුවූ විවිධ කලහාලකාරි තත්ත්වයන් මෙන්ම පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ඩෑන් ප්‍රියසාද් වෙඩි තැබීමකින් මිය ගොස් තිබෙනවා.
ඔහු මිය ගිය බවට ඊයේ රාත්‍රී කාලයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් තහවුරු කළ ද පසුව එය වැරදි බවත් ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබන බවට පොලිසිය නිවේදනය කළා.
නමුත් ඩෑන් ප්‍රියසාද් අද අලුයම ජිවිතක්ෂයට පත්වූ බවට පොලිසිය අද උදැසන තහවුරු කර තිබුනා. මෙහිදී ජිවිතක්ෂයට පත්ව ඇත්තේ තවත් අපරාධකරුවෙකු මිසක් ජාතික විරුවෙක් නොවන බවට සමාජ මාධ්‍ය පුරා මහජනතාව සිය අදහස් පල කර තිබෙනවා.
ඇත්තටම ඩෑන් ප්‍රියසාද් යන පුද්ගලයා රට තුල ආගම්වාදය ඇවිස්සීමට සහ අරගල ඇති කිරීමට මෙන් විවිධ ක්‍රියාකාරකම්වල නිරත වූ ජඩ රාජපක්ෂවරුන්ගේ හෙන්චයියෙක් විතරයි.
මෙම වෙඩි තැබීම පසු පස ප්‍රබල රාජපක්ෂවරයෙකු ඇති බවට බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පල කර තිබෙනවා. ඊට හේතුව සමහර විට ඩැන් ප්‍රියසාද් යනු පාස්කු ප්‍රහාරයේ මහමොලකරු විය හැකි බවත් ජනතාව පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම පාස්කු ප්‍රහාරයේ මහමොලරුට ලගින්ම උදව් උපකාර කළේ මෙම පුද්ගලයා විය හැකි බවද සඳහන් වනවා. මෙරට එල්ලවූ මිලේච්ච ත්‍රස්තවාදයේ තවත් එක් අමිහිරි මතක සටහනක් මිට වසර 6කට ඉහතදී සිදුවූ පාස්කු ප්‍රහාරයයි.
ඊට සම්බන්ධ පාර්ශව කවුරුන්දැයි හෙළි කිරීමට වත්මන් ආණ්ඩුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස පුරසාරම් දෙඩුව ද ඒ පිළිබඳව නිල වශයෙන් මෙතෙක් විසිවක් ප්‍රකාශ කර නොමැති බව සඳහන් කල යුතුයි.
ඒ අතර වාරයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට මේදිනවල අපල බව සඳහන් කළ යුතුයි. හේතුව ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව තොරතුරු හෙළි වීමයි.
මෙහිදී ඩෑන් ප්‍රියසාද් යන පුද්ගල පාස්කු ප්‍රහාරය සම්බන්ධ බවට මෙම ඝාතනයෙන් හෙළිවී හමාරයි.
ඔහු පොලිස් විමර්ශනවලදී හෝ අතාදන්ගුවට පත් වුයේ නම් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂි තොරතුරු අනාවරණය කරනු ඇති බවට හොඳින් දන්නා යම්කිසි පිරිසක් විසින් මෙය සිදුකරන්නට ඇති බවට සැක මතුව තිබෙනවා.
එය රාජපක්ෂවරුන්ගේ වැඩක් කියා සහ රාජපක්ෂ කඳවුරට අනතුරක් විය හැකි බවට ඇති වූ සැකයක් මත ඩැන් ප්‍රියසාද් මෙසේ නිහඬ කරන්නට ඇති බව බොහෝ දෙනෙකුගේ මතයයි.
''කරපු අපරාධ වලට ස්භාව ධර්මයා තින්දුව දුන්නා" මේ ඩැන් ප්‍රියසාද්ගේ මරණය සම්බන්ධයෙන් මෙරට ජනතාව දක්වන මතය... නිසැකවම ඔහුට ස්වභාව ධර්මය විසින් දඬුවම් ලැබුනා.
තවත් මත කිහිපයක්
''හරියට කියපන් රතිඤ්ඤා ගන්න සුපර් මාකට් එකටත් ආවා''
''CID එකේදි කට ඇරෙයි කියලා බය වුනු අයගෙම වැඩක් තමා''
''සාක්කි එකිනෙක විනාශ වෙනවා.... ශික්....''
''වලව්වට සෙට් වෙලා ගේම්ගහපු උන්ට තියෙන්නේ ජීවිත ආරක්ෂාවට පොලීසියට භාර වෙන්න සාක්ෂි ඉතුරු කරන එකක් නෑ වගේ''
මෙහිදී කෙලින්ම මෙරට ජනතාව ඇඟිල්ල දිගු කර චෝදනාව එල්ල කරන්නේ මෙරට ශාපයක් බවට පැවසෙන රාජපක්ෂ පවුලටයි.
බල තණ්හාව හේතුවෙන් රාජපක්ෂ පවුල ඕනෑම කුපාඩි වැඩක් කිරීමට පසුබට නොවන බව මේ රට ජනතාවගේ මතයයි. පසුගියදා දකුණේ ප්‍රබල සාක්ෂියක් විනාශ කර දැමීමට පියවර ගෙන තිබුනා.
එහිදී ද රාජපක්ෂ පවුලටයි චෝදනා එල්ල වුනේ. මේ වන විට නීතියෙන් මෙන්ම ආණ්ඩුවෙන් පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් හෙළි කරන්නට කලින් පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් රාජපක්ෂවරුන් බවට දැන් දැන් රටේ සිදුවන සිදුවීම් සනාථ කර අවසන්.
කෙසේ වෙතත් ඔහුගේ මරණ තුලින් රාජපක්ෂ රෙජිම ප්‍රබල සාක්ෂියක් නිහඬ කළ බවයි සමාජ මාධ්‍ය තුර මත පලවෙන්නේ.
