අපිත් තාමා බලාන ඉන්නේ පුංචි දරු පැටියෙක් කැදැල්ලට එකතු වෙනකන්. දමිතා අබේරත්න. (PHOTOS)

By Sithumi Jul 16, 2022 05:36 PM GMT
Sithumi

Sithumi

Report

පුංචි තිරය ඔස්සේ හැමදාමත් සුන්දර චරිත තුලින් අප වේතන එන ජනප්‍රිය කලාකාරිනියක් තමයි දමිතා අබේරත්න කියන්නේ. කළා ක්ෂේත්‍රය තුල සිටින සෑම කෙනෙක් එක්කම උස් පහත් බේදයකින් තොරව ඇය බොහොම නිහතමානිව ආශ්‍රය කරනවා. මීට ටික කාලෙකට කලින් තමයි දමිතා විවාහ වුනේ, නමුත් පහුවෙලා විවාහය ගැන සිතුවා කියලා ඇයට දැන් ප්‍රශ්නයක් වෙලා නැහැ.

සැමියා එක්ක හරිම ලස්සන ජිවිතයක් ගතකරමින් ඉන්නවා.ඇය ඇගේ අධ්‍යාපන කටයුතු නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයෙනුත්, මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයෙනුත් හදාරා තිබෙනවා. 1987 වසරේදී (ඇයට වයස අවුරුදු 8ක් පමණ කාලයේදී) පස්සෙ ගෙනා මනමාලී ටෙලිනාට්‍යයේ රංගනයට එක්වෙමින් දමිතා සිය කලා දිවිය කුඩා කලදීම ඇරඹුවා

. පසුව 1993 වසරේදී තිරගත වූ අයි. හේවාවසම් විසින් අධ්‍යක්ෂණය කරන ලද මීහරකා චිත්‍රපටය, දමිතාගේ රංගනය ශ්‍රී ලංකා රිදී තිරයට මුහුකල මුල්ම චිත්‍රපටිය වනවා.2003 වසරේදී දමිතා රංගනයෙන් දායක වූ ඉනෝකා සත්‍යාංගනීගේ සුළං කිරිල්ලී චිත්‍රපටිය, ඇගේ රංගන දිවියේ සුවිශේෂී සනිටුහනක් සළකුණු කල සංධිස්ථානයක් ලෙස හැඳින්වේ.

මෙම සුළං කිරිල්ලී චිත්‍රපටියේ සිදුකල විශිෂ්ට රංගනය හේතුවෙන් දමිතාට, දේශීය මෙන්ම ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල් හීදී සම්මාන රැසක්කරගත්තා. මහරකා,සුළංකිරිල්ලි,ගාමනි,මහරජ ගැමුණු,ප්‍රවේගය,මන්දාකිණි ,නිසලගිර,ආදර මීනා,එකමත් එක රටක,දකින දකින මල්,ස්තූතියි නැවත එන්න,භවත්‍රා,බඹර වළල්ල,ඉර හද යට,සිංහාවලෝකනය,සමනල සංධ්වනිය,රෑපාන්තරණ, ජූලි හතයි,උල් එකයි පිලත් එකයි,මායා,ජය ශ්‍රී ඇමතිතුමා,සේද මාවතේ ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට වනවා.

ඉතින් ඇයගේ ඉදිරි ජීවිතය සහ අලුත් වැඩ කටයුතු ගැන කියලා තිබුනේ මේ විදියටයි. රටේ ඇතිවෙලා තියන තත්වයත් එක්ක පටන් ගත වැඩ බොහොමයක් නවත්වන්න සිද්ද වුනා. කලාකරුවන් වගේම මුලු රටේම මිනිස්සු ගොඩක් අපහසු තත්වයක තමයි දැන් ඉන්නේ. නමුත් රංගන ශිල්පිනියක් බවට පත්වීමට ලැබීම ගැන ගොඩක් ලොකු සතුටක් තියනවා. ප්‍රේක්ෂයින්ගේ ආදරය දැනෙද්දී ඒ සතුට කියාගන්න බැරි තරම්. ඒ කාලයේ සමාජ මාධ්‍ය තුල අපි හිටියේ නැහැ. නමුත් මිනිසුන්ගේ හදවතේ හැමදාමත් ඒ ආදරය රැඳිලා තිබුනා.

ජනප්‍රියත්වය කියන දේ රැඳෙන්නේ අපි කරන කියන දේවල් වලින් සහ හැසිරෙන විදිය අනුව. ඒ වගේම හොඳ නිර්මාණ වලින් දකින්න ලැබෙන එකත් ප්‍රධානම හේතුවක් වෙනවා. ඒ වගේම කලාවෙන් ගොඩක් දේවල් මට ලැබිලා තියනවා. ඇගයීම් සම්මාන මට ලැබුනා. සාමාන්‍ය ජිවිතේ වගේම තමයි රංගනය තුලත් අපි කරන්නේ චරිතයකට පන පොවන එක. ඒක විවිද චරිත ඉස්සෙ අපට ලැබෙන ක්‍රියාව වෙනස් වෙනවා.

නමුත් කළා ක්ෂේත්‍රය තුල අපේ රටේ ලැබිලා තියන තැන ගැන නම් ගොඩක් සතුටු වෙන්න බැහැ, එක ලොකු අභාග්‍යක් විදියට මම දකින්නේ. කුඩා කාලයේ ඉඳලම මම කළා වැඩමුළු වලට සහභාගී වෙලා තියනවා. ඒ දේවල් වලින් ලැබුණු අත්දැකීම් අදටත් මතක තියනවා.අද වෙනකොට කළා ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි සෑම තැනකම මුදලට හැමදේම යටවුනු තත්වයක් ඇවිල්ලා. ඒක මේ ක්ෂේත්‍රය විතරක් නෙවෙයි ඕනෑම තැනක අද බැලුවොත් දක්ෂයින්ට, ප්‍රවිනයින්ට තැනක් ලැබෙන්නේ බොහොම අඩුවෙන්.

අපේ රටේ ප්‍රවීනයින් අද වෙද්දී කලාවෙන් ඉවත් වෙන්න හේතුව වෙලා තියෙන්නෙත් ඒ කලකිරිම තමයි. මම රංගනය ගැන සතුටු වෙනවා වගේම මගේ සැබෑ පවුල් ජීවිතයේත් බොහොම සතුටින් සමගියෙන් ජිවත් වෙන්නේ. මගේ පවුලේ ඉන්නේ මම, මගේ මහත්තයා, අම්මා සහ අපේ සුරතල් බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. දැන් අපිට තියන ලොකුම බලාපොරොත්තුව වෙන්නේ පුංචි දරු පැටියෙක් කැදැල්ලට එකතු කරගන්න එක.පසු ගිය කාලේ මන් මව් පදවිය ලැබුවා කියලා බොරු ප්‍රචාර ගියා මන් ඒවා හිතේ තියන මගේ එකම අදිෂ්ටනේ හිතේ තියාගෙන ඉන්නවා. කියලයි ඇය අවසන් වශයේන් පැවසුවේ



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery