දමිතාගෙ එකම ඉල්ලීම මෙන්න..ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලැබෙයි?..

Election Commission of Sri Lanka Samagi Jana Balawegaya Parliament Election 2024
By Aruna Oct 17, 2024 08:26 AM GMT
Aruna

Aruna

Report

තමාගේ නම ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදනය ප්‍රශ්නයක් හේතුවෙන් නම් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දෙන්නැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ඉල්ලීමක් කර  තිබෙන බව වාර්තා වනවා.

රට පුරා සිටින සියලුම ජ්‍යෙතිර්වේදීන්ට විශේෂ දැනුම්දීමක්..වහාම මේ දේ නතර කරන්නැයි කියයි.

රට පුරා සිටින සියලුම ජ්‍යෙතිර්වේදීන්ට විශේෂ දැනුම්දීමක්..වහාම මේ දේ නතර කරන්නැයි කියයි.


පක්ෂයේ මහ ලේකම්වරයා පවසන පරිදි තමන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් නම් එම පක්ෂයේ කටයුතු කරන්නේ ලියන්න කියන්න බැරි සහ බිහිරන් පිරිසක්දැයි බව අබේරත්න මහත්මිය ප්‍රශ්න කරයි.

ඇය ඉල්ලා සිටින්නේ, සමඟ ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් කළ තමන්ගේ නාම යෝජනාව සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් ප්‍රතික්ෂේප වූවානම් පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජාතික ලැයිස්තුවෙන් ඉවත්වී ඒ වෙනුවට තමාගේ නම ඇතුළත් කරන ලෙසටයි.

දන්න කෙනෙක් ඉන්නව නම් මෙම දැරිය ගැන තොරතුරක් වහාම දැනුම්දෙන්න..බලන්න ඇයට වෙච්ච දේ. (PHOTO)

දන්න කෙනෙක් ඉන්නව නම් මෙම දැරිය ගැන තොරතුරක් වහාම දැනුම්දෙන්න..බලන්න ඇයට වෙච්ච දේ. (PHOTO)


මෙහිදී දමිතා අබේරත්න මහත්මිය වැඩිදුරටත් මෙසේද පැවසුවා.

මට අහන්න තියෙන්නේ සමග ජන බලවේගය ලියන්න බැරි කතා කරන්න බැරි කන්න හෙන්නේ නැති මිනිස්සු ද ඉන්නේ. සන්නිවේදනයේ ප්‍රශ්න තියෙන්න ඕනේ එහෙමනම් නෙ.

මේවා විහිලු. ඉතින් දැන් ඔය මහලේකම්තුමා කියනවනේ සන්නිවේදනයේ ප්‍රශ්නයක් කියලා. එහෙම නම් ඉතින් ජාතික ලැයිස්තුවෙන් ඔබ තාම අයින් වෙලා, හරි මාව දාන්න.