වැස්සයි රස්නෙයි එක්ක ලෙඩ වැඩි වෙයි

By Hashini Apr 22, 2025 10:56 AM GMT
Report

මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ පවසන්නේ මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය සහ කඩින්කඩ ඇති වන වැසි සෞඛ්‍යය තත්ත්වයට අයහපත් බලපෑම් ඇති කළ හැකි බැවින් ජනතාව ඒ පිළිබඳ සැලකිලිමත් වියයුතු බවයි.

මේ දිනවල දිවයිනේ ඇතැම් ප්‍රදේශවල අධික හිරු රශ්මියත් සමග පවතින දැඩි උණුසුම් තත්ත්වය හේතුවෙන් චර්ම රෝග ඇතිවීමේ හැකියාවක් පවතින බැවින් වැඩි වේලාවක් හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින ලෙසයි ඔහු පැවසුවේ.

අදත් ප්‍රබල අකුණු අනතුරු....විවෘත ස්ථානවල රැඳීමෙන් වළකින්න

අදත් ප්‍රබල අකුණු අනතුරු....විවෘත ස්ථානවල රැඳීමෙන් වළකින්න

විශේෂයෙන්ම එළිමහනේ රැකියා කටයුතුවල සහ ක්‍රීඩා කටයුතුවල නිරත වන පිරිස මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු වනවා.

මේ දිනවල බොහෝ ප්‍රදේශවල අලුත් අවුරුදු උත්සව පැවැත්වෙන බැවින් තරග ඉසව් සෙවණ ඇති ස්ථානයක පැවැත්වීමට සංවිධායකවරුන් වගබලාගතයුතු බව පැවැසූ ඒ මහතා කියා සිටියේ හිරු එළියට වැඩි වේලාවක් නිරාවරණය වීම හේතුවෙන් විජලන තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ප්‍රමාණවත් තරම් පිරිසුදු ජලය හෝ කිසියම් දියර වර්ගයක් පානය කිරීම වැදගත් බවයි.

එමෙන්ම මේ දිනවලදී ඇතැම් ප්‍රදේශවලට පවතින කඩින්කඩ ඇති වන වැසි ද සෞඛ්‍යයට එතරම් යෝග්‍ය නොවන අතර මේ හේතුවෙන් ඩෙංගු මෙන්ම චිකුන්ගුන්යා රෝගය ද පැතිර යන බවට හඳුනා ගෙන තිබෙනවා. 

නිවාඩු නිකේතනයක පුද්ගල මළ සිරුරක්

නිවාඩු නිකේතනයක පුද්ගල මළ සිරුරක්