දේශබන්දුට එරෙහි කමිටුවට හරිනි සජිත් එකතුවෙලා පත් කරන්න යන්නේ කවුද ?

Report

කථානායකවරයා විසින් වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විමර්ශන සිදුකිරීම සඳහා පත් කිරීමට නියමිත කමිටුවේ සාමාජිකයෙකු සඳහා නම් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරියට සහ විපක්ෂනායක වෙත දැනුම්දී තිබෙනවා.

අදාළ දැනුම්දීම ලිඛිතව සිදුකර ඇති බව වාර්තා වනවා.

ස්ථාවර නියෝග අනුව අදාළ කමිටුව සඳහා අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂනායකගේ එකඟතාව මත සාමාජිකයෙකු පත්කළ යුතු වනවා.

මෙම කමිටුවේ සාමාජිකයින් තිදෙනෙකු පත්කළ යුතු අතර තවත් සාමාජිකයෙකු අගවිනිසුරුවරයා විසින් නම් කළ යුතුව තිබෙනවා.

පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා එම කමිටුවේ ස්ථීර සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ලබයි. 

වැස්සයි රස්නෙයි එක්ක ලෙඩ වැඩි වෙයි

වැස්සයි රස්නෙයි එක්ක ලෙඩ වැඩි වෙයි