ඩේසි ආච්චි සහ යෝෂිත අදත් අධිකරණයට
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව මේ මස 28 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
අධිකරණය විසින් නියම කර ඇත්තේ මෙම නඩුව විභාග කරන විනිසුරුවරයා මේවන විට නිවාඩු ලබා සිටින බැවින් නඩුව යළි ලබන 28 වනදා කැඳවන ලෙසයි.
මෙම නඩුව ගොනු කර ඇත්තේ රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිවයි.