වැටුප් වැඩි නොකළොත් වෙන්නෙ මෙන්න මේකයි? - විශේෂ තීරණයකට යයි..

Report

ලංකා කම්කරු කොංග්‍රසය විසින් කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වෙත විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

වැටුප් වැඩි නොකළොත් වෙන්නෙ මෙන්න මේකයි? - විශේෂ තීරණයකට යයි.. | Daily Wages Of Plantation Workers

ඒ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ නංවමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව වැටුප් වැඩි නොකරන වතු සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් සඳහන් කළේ අද (11) ලිඛිතව මෙම ඉල්ලීම සිදුකළ බවයි.

වාහනයක් තියෙන ඔයාටයි මේ දැනුම්දීම - එකවරම ගත්ත විශේෂ තීරණය මෙන්න..

වාහනයක් තියෙන ඔයාටයි මේ දැනුම්දීම - එකවරම ගත්ත විශේෂ තීරණය මෙන්න..


එමෙන්ම, ජාතික වතු කම්කරු පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් ද ඉල්ලා සිටියේ ගැසට් නිවේදනය පරිදි වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ දැමිය යුතු බවයි.

එම ගැසට් නිවේදනයට අනුව වැටුප් වැඩි නොකරන්නේ නම් ඉදිරියේ දී රට පුරා වර්ජන ආරම්භ කරන බව පහතරට වතු කම්කරු සංගමය පැවසීය.

ඒ, එම වැටුප ලබාදීමට වතු සමාගම් රැසක් කටයුතු කර නොමැති පසුබිමකයි.

ඉක්මනට සුදු වෙන්න මේ ආලේපන ඔයත් භාවිතා කළා ද?. සිරුරේ වෙන නොහිතපු දෙය..

ඉක්මනට සුදු වෙන්න මේ ආලේපන ඔයත් භාවිතා කළා ද?. සිරුරේ වෙන නොහිතපු දෙය..


කෙසේ වෙතත්, එම වැටුප ලබාදීමට වතු හාම්පුතුන් මැලිවන පසුබිමක පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ වැඩි කළ වැටුප නොගෙවන වතු සමාගම්වල බදු ගිවිසුම් අහෝසිකර වෙනත් සමාගම්වලට ලබා දීමට පියවර ගන්නා බවයි.