වාහනයක් තියෙන ඔයාටයි මේ දැනුම්දීම - එකවරම ගත්ත විශේෂ තීරණය මෙන්න..

Report

බස්නාහිර පළාතේ හැර දිවයිනේ සෙසු පළාත්වලට අදාළව වාහන ආදායම් බලපත්‍ර ලියාපදිංචි කිරීම සබරගමු පළාත් සභාව මගින් ක්‍රියාත්මක කර තිබෙනවා.

වාහනයක් තියෙන ඔයාටයි මේ දැනුම්දීම - එකවරම ගත්ත විශේෂ තීරණය මෙන්න.. | Registration Of Vehicle Revenue Permits

ඒ මෙම මස 03වන දින සිටයි.

ඒ බව අද (11) සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව සදහන් කළේ රත්නපුර පිහිටි සබරගමු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවති සාකච්ඡාවකට එක් වෙමින් ය.

මෙරට දේශපාලන ප්‍රබලයෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන්න නියෝගයක්..

මෙරට දේශපාලන ප්‍රබලයෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන්න නියෝගයක්..


මේ අනුව, බස්නාහිර පළාතේ ලියාපදිංචි වූ වාහන හැර සෙසු පළාත්වල ලියාපදිංචි වූ වාහන සදහා වාර්ෂික වාහන ආදායම් බලපත්‍ර සබරගමු පළාත් සංකීර්නයෙන් ද රත්නපුර සහ කෑගල්ල දීස්ත්‍රික්ක දෙකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 29කින් ද ලබා ගත හැකි‍ය.

හෙට දිවයින පුරා පාසල් වැසෙයි ද?. මේ දැන් කළ විශේෂ දැනුම්දීමක් මෙන්න..

හෙට දිවයින පුරා පාසල් වැසෙයි ද?. මේ දැන් කළ විශේෂ දැනුම්දීමක් මෙන්න..


මෙය ක්‍රියාත්මක වීමත් සමගම බස්නාහිර පළාතේ ලියාපදිංචි වූ වාහන හැර සෙසු පළාත්වල ලියාපදිංචි වූ වාහන සදහා වාර්ෂික වාහන ආදායම් බලපත්‍ර වාහන ලියාපදිංචි වූ පළාත් සභාවට අමතරව සෙසු පළාත් හතෙන් ලබා ගත හැකි වේ.  

කෙසේ වෙතත්, මෙයට ඔමිනි බස් රථවලට අදාළ වාහන ආදායම් බලපත්‍ර අදාළ නොවන බව ද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.