ඊයේ ලෝකෙම පිස්සු වට්ටපු රන් මිලට අද වුණ දේ - ලංකාවේ රන් වෙළඳපොළේ අලුත්ම මිල ගණන් මෙන්න
ඊයේ(18) දින 2025 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු වාර්තා වූ අවම අගය ලෙස 2% කට ආසන්න ප්රමාණයකින් පහත වැටුණු ලෝක වෙළෙඳපොළේ රන් මිලට සාපේක්ෂව ශ්රී ලංකා වෙළඳපොළේද රන් මිල ගණන් පහළ ගොස් තිබුණා.
ඒ මෙරට රන් මිල රුපියල් 3,000කින් පහළ යමින්.
කෙසේ වෙතත් අද(19) දින මෙරට රන් වෙළඳපොළේ මිල ගණන් වාර්තා වූයේ පහත ආකාරයටයි.
ලෝක වෙළඳපොළේ රන් මිල උඩුයටිකුරු වෙද්දි ලංකාවේ රන් මිලත් ශීඝ්රයෙන් පහළට - අද රටම පොරකන රන් මිල ගණන් මෙන්න
කැරට් 24 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 344,985ක් සහ එහි විකුණුම් මිල රුපියල් 353,065ක්
කැරට් 22 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 316,010ක් සහ එහි විකුණුම් මිල රුපියල් 323,293ක්
කැරට් 21 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 301,845ක් සහ එහි විකුණුම් මිල රුපියල් 308,865ක්
කැරට් 18 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 258,735ක් සහ එහි විකුණුම් මිල රුපියල් 264,695ක් ලෙසයි.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.