රේගුව භාරයට ගත් මිලියන 60 කට අධික මත්ද්‍රව්‍ය තොගය

Report

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් මිලියන 60කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙනවිත් ඇත්තේ ජාත්‍යන්තර අධිවේගී කුරියර් සේවාව හරහා ඉතා සූක්ෂම අයුරින් ඇසුරුම් තුල සඟවා ගෙන බව සඳහන් වනවා.

රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය 2024 වසරේ ජනවාරි පළමුවනදා සිට මේ වසරේ ජුනි දක්වා කාලය තුළ එම ජාත්‍යන්තර අධිවේගී කුරියර් සේවාව හරහා අමෙරිකාව, කැනඩාව සහ මැලේසියාව යන රටවලින් ලැබුණු මත්ද්‍රව්‍ය බවට සැකසහිත කුරියර් පාර්සල් ගණනාවක් විශ්ලේෂණය කර රදවා තබා ගෙන තිබුණි.

එම පාර්සල් සඳහා දීර්ඝ කාලයක් කිසිදු පුද්ගලයෙකු හිමිකම් නොදැක්වීම හේතුවෙන් එම පරික්ෂාවන් තවදුරටත් සිදුකිරීමට රේගුව කටයුතු කර ඇති බව සඳහන් වනවා.

අවුලපු ගින්නට ආණ්ඩුවෙනුත් පිදුරු දාලාද? මහින්ද මල්වතු නාහිමිට මඩ ගහපු ඔක්කොටම විරුද්ධව පැමිණිල්ලක්

අවුලපු ගින්නට ආණ්ඩුවෙනුත් පිදුරු දාලාද? මහින්ද මල්වතු නාහිමිට මඩ ගහපු ඔක්කොටම විරුද්ධව පැමිණිල්ලක්

පසුගිය 25 වනදා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් අදාළ පාර්සල් විවෘත කර පරීක්ෂා කිරීමට කටයුතු කර ඇති අතර එහිදි එම පාර්සල් තුළ සුක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

රේගුව සඳහන් කළේ එම පාර්සල් තුල කොකේන් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 101ක්, කුෂ් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 666 ක් සහ කංසා තෙල් කුප්පි හතරක් ද තිබූ බවයි.

රේගු භාරයට ගත් එම මත්ද්‍රව්‍යවල මුළු වටිනාකම රුපියල් මිලියන 60 ක් වන අතර මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබෙනවා. 

ඩෙංගු පරිශ්‍ර 792ක් සඳහා රතු නිවේදන

ඩෙංගු පරිශ්‍ර 792ක් සඳහා රතු නිවේදන