බොරතෙල් මිල ඉහළට
By Hashini
ඊශ්‍රායලය හා ඉරානය අතර උද්ගතව ඇති යුධමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහල ගොස් තිබෙනවා.
දෙරට අතර යුධ ගැටුම් ආරම්භ වීමට පෙර ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 68.04ක් ලෙස සටහන් වුණා.
නමුත් එය මේ වන විට ඩොලර් 77.08ක් දක්වා ඉහල ගොස් ඇති අතර ඩොලර් 69.24ක් ලෙස පැවතී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.37ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
ලෝක වෙළඳපොල තුල බොරතෙල් මිල පසුගිය සතිය පුරා අඛණ්ඩව ඉහල ගිය අතර මැදපෙරදිග උද්ගතව ඇති වාතාවරණය ඉදිරියටත් පැවතියහොත් ලෝක වෙළඳපොල තුල බොරතෙල් මිල තවදුරටත් ඉහල යා හැකි බවයි ආර්ථික විශේෂඥයන් සඳහන් කරනවා.