සමගියට කණ කොකා හඬල ද?... බන්දුලාල් ඉල්ලා අස්වේ...පුතානෝ ටික ටික තනිවෙයි
SJB
Sri Lanka Politician
Sri Lanka
Latest Headlines
Sinhala news
By Kaushi
මේ වන විට සමගි ජන බලවේග ගාල්ල ආසන සංවිධායක ධුරයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
අස් වීමට හේතුව ලෙස ඔහු පැවසුවේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය කරන ලද ලයිස්තු මන්ත්‍රීවරු නම් කිරීම සම්බන්ධයෙන් ඇතිවූ මතභේදයන් මත තමන් මෙම පියවර ගත් බවයි.
එසේම සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහණී කවිරත්න මහත්මිය ද පක්ෂයේ ඇතැම් තීරණ සම්බන්ධයෙන් තමන් කළකිරීමෙන් පසුවන බව පවසා ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඇය චෝදනා කළේ පළාත් පාලන මැතිවරණයේ ලයිස්තු මන්ත‍්‍රීවරුන් නම් කිරීමේදී පෙර එකගතාවන් කඩවී ඇති බවටයි.
තවද මේ හේතුව නිසා බොහෝ සංවිධායකයන්ට පාක්ෂිකයන්ට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් ද මතුව ඇති බව ඇය පවසයි.
