මිත්තණිය සමග දිය නාමින් සිටි දැරිය කිඹුලෙක් ඩැහැගෙන ගිහින්
මරදන්කඩවල, හිනුක්කිරියාව වැවේ දියනෑමට ගිය දැරියක් ඊයේ (19) දහවල් කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් මරණයට පත්ව ඇති බව මරදන්කඩවල පොලීසිය සදහන් කර තිබේ.
මෙලෙස මරණයට පත්ව තිබෙනුයේ වයස අවුරුදු 9ක් වූ ගනේවල්පොල ප්‍රදේශයේ පදිංචි දැරියකි.
ඇය සිය තම මිත්තණිය සමග ඉහත වැවේ දියනාමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ.
මෙම සිද්ධියත් සමග සමග ගම්වාසීන්, පොලිස් නිලධාරීන් හා වනජීවි නිලධාරීන් විසින් වැවට බැස දැරිය සෙවීමේදී කිඹුලා එම දැරිය අතහැර දමාගොස් ඇත .
නමුත් එම දැරිය මරදන්කඩවල රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් සිටි බව වාර්තා වේ .