කෝටි 05කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි 05කට අධික වටිනාකමක් ඇති කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් මෙරටට රැගෙනවිත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මූතූර් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බව වාර්තා වේ.
සැකකරු මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නගරයෙන් මිලදී ගෙන, ඉන්දියාවේ බැංගලෝර් නගරයට ගොස් ඇති අතර, එතැනින් ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඔහු රැගෙන ආ ගමන් මලු දෙකේ ව්‍යාජ පතුළක් සකස් කර, එම තුළ මත්ද්‍රව්‍ය පැකට් ලෙස සඟවා තිබූ බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.