පෙට්‍රල් සහ ඩීසල් තොගයක් සමග පුද්ගලයෙක් කොටු
බුලත්සිංහල කොබවක කිරිමැටිවලකඩ ප්‍රදේශයේ නිවසක රහසිගතව සඟවා තිබූ පෙට්‍රල් සහ ඩීසල් තොගයක් සමග නිවෙස් හිමියා අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය සදහන් කර තිබේ.
බුලත්සිංහල පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබුණි .
එහිදී පෙට්‍රල් ලීටර් 185 ක් සහ ඩීසල් ලීටර් 860ක් සමග නිවසේ හිමිකරුවන (63) හැවිරිදි පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇත .
එලෙස අත්අඩංගුවට ගත් සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
තවද බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.එස්.එන්.කස්තුරිආරච්චි මහතාගේ උපදෙස් මත බුලත්සිංහල පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබයි