ප්‍රචණ්ඩ වූ සොබා දහම ප්‍රදේශ ගණනාවක් යට කරයි (VIDEO / PHOTOS)
ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට (29)දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් (29) දිනරාත්‍රියේ සිට (30) දින අලුයම තෙක් විවෘත කර තිබෙනවා. ඉන් වාන් දොරටු දෙකක් මේ වන විට වසා දමා ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසුවා.
නුවරඑලිය සහ කදපොල ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑලිය, හාවාඑලිය ,නුවරඑලිය නගරයේ පහත්බිම් රැසක් සහ නිවාස රැසක්ද ජලයෙන් යට වි තිබු බවත්, කදපොල ගල්පාලම ප්‍රදේශයේ පහත්බිම් ප්‍රදේශවල පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වු බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසුවා.
නුවරඑලිය නගරයේ සහ හාවාඑලිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය හරහා වැසි ජලය ගලා බැසිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයටද (29) දින රාත්‍රියේ බාධා පැමිණ තිබුණා. ලක්ෂපාන ජලාශයේද වාන් දොරටු තුනක් විවෘත කර ඇති බවද නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා පැවසුවා.
අධික වැසි සහිත කාලගුණ තත්ත්වය සමග බදුලු ඔය පිටාර ගැලීමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 25කට පමණ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.
එසේම එක් පුද්ගලයෙක් අතුරුදන් ව ඇති බවද එම මධ්‍යස්ථානය පැවසීය. බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති ආපදා තත්ත්වය පිළිබඳ පැහැදිලි කළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ බලපා ඇති අඩු පීඩන තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජල ගැලීම් වාර්තා වී ඇති බවය.
හාලි ඇල ප්‍රදේශයේ මාර්ග අවහිරවීම්, පස් කණ්ඬි කඩා වැටීම් කිහිපයක් වාර්තා වී තිබේ. නායයාම් අවදානම් සහිත ප්‍රදේශවල සිටින ජනතාව ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ද ඒ මහතා පවසයි.
ධීවරයින්ට ලබා දෙන නිවේදනයන් සඳහා දැඩි අවදානයක් යොමු කරන ලෙස ද ධීවර ප්‍රජාවගෙන් ඔහු ඉල්ලා සිටී. ලක්ෂපාන සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන්ද අදාළ ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙස ඒ මහතා පවසයි.
යම් කිසි අපදා තත්ත්වයක් සම්බන්ධයෙන් දැනුම් දීමට අවශ්‍ය නම් 117 අංකය අමතා ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස ඔහු ඉල්ලා සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |









