අධ්‍යාපන කලාපයක පාසල් සිසුන් 30කට Covid..පාසල් වසා දමයි ද ..?
පසුගිය දින 10ක කාලසීමාව තුළදී දෙනියාය අධ්‍යාපන කලාපය තුළ සිසුන්,ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුළු 49 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.
දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් විසිහතරක් ආශ්‍රයෙන් මෙම තොරතුරු වාර්තා වී ඇත. මෙසේ හඳුනා ගත් ආසාදීතයින් අතරින් 30 දෙනෙකු පාසල් සිසුන් බවටයි ආරංචි මාර්ග වාර්තා කරයි.
එසේම මෙම පිරිස අතර විදුහල්පතිවරු තිදෙනෙකුද සිටින බව වාර්තා වන අතර ආසාදිතයින් අතරින් දෙදෙනෙක් අනධ්‍යයන සේවකයින් බව අධ්‍යාපන ආරංචි මාර්ග තහවුරු කර තිබේ.
මේ අතර,කුලියාපිටිය අධිකරණය මඟින් පාලනය වන රැඳවුම් ළමා නිවාසයක දැරියන් 36 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
අද (23) සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් එම පරිශ්‍රයට ගොස් රෝග ලක්ෂණ සහිත දැරියන් 46ක් වෙනුවෙන් සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවේ දී අදාළ දැරියන් ආසාදිත බවට හඳුනාගෙන ඇත.
ඊයේ (22) උණ රෝගය වැලඳී තිබු දැරියන් 7 දෙනෙකු කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල පරිශ්‍රයේ පැවති පරීක්ෂාවකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සියලුම දැරියන් අසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
එමෙන්ම සෙසු දැරියන් හා පරිවාස නිලධාරීන් මෙන්ම නිවාස මාතාවන් ද පීසීආර් පරීක්ෂාවකට ලක්කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.
වෛරසය ළමා නිවාසයට පැමිණියේ කෙසේ දැයි සොයා බැලීමට මේ වන පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
සෞඛ්‍ය වෛද්‍ය නිමල් ජයතිලක, සෞඛ්‍ය පරීක්ෂකවරුන් වු සංජය වන්නිනායක, කුෂාන් පෙරේරා, චමල් කල්පන යන මහත්වරුන් එම පරීක්ෂාවන් සිදුකර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |