සෑම පැයකදීම ආසාදිතයින් 5ක් මිය යනවා තත්වය අතිශය භයානකයි..

covid19 infections deaths chithramali de silva manilka sumanathilaka
By Sewvandhi Aug 11, 2021 01:24 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සෑම පැයකටම කොවිඩ් ආසාදිත පුද්ගලයින් 05 දෙනෙකු මියයන තත්ත්වයක් මේ වනවිට රටතුළ නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. එහි උප සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පෙන්වාදෙන්නේ දෛනිකව වාර්තාවන ආසාදිතයින් මෙන් කිහිපගුණයකින් වැඩිපිරිසක් සමාජය තුළ සිටිය හැකි බවය.

මේ අතර ගැබිනි මව්වරුන් 19 දෙනෙකු මේ වනවිට කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

මේ අතර, ලැබී ඇති දත්තවලට අනුව හෙද කාර්යය මණ්ඩලයේ 1,000ක පමණ පිරිසක් කොවිඩ් වෛරසයේ ආසාදිතයින් බවට පත්ව ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

You may like this video-:

ජනාධිපති තුමනි, කේවට්ටයන්ගේ කේලම් අහන්න එපා...දැන්වත් කියන දේ අහන්න

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now