නොසිතූ ලෙස වැඩි වෙන කොවිඩ් රෝගීන් නිසා රටට ඔරොත්තු නොදෙන තත්ත්වයක්ද..?

covid19 ragama pavithra vanniarachchi IDH hospital capacity
By Sewvandhi Aug 05, 2021 02:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළයෑමෙන් ප්‍රධාන පෙළේ රෝහල් කිහිපයක ධාරිතාවට ඔරොත්තු නොදෙන තත්ත්වයක් ඇතිවීම නිසා එම රෝහල්වල හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් කෙරුණා.

කොවිඩ්-19 ආසාදිතව රෝගීවන පිරිස දිනෙන් දින නොසිතූ පරිදි වැඩිවීම හේතුවෙන් රජයේ රෝහල්වල කොවිඩ් වාට්ටු පිරී ගොස් ඇති අතර කොළඹ ජාතික රෝහල, කොළඹ දකුණ (කළුබෝවිල) රෝහල, කරාපිටිය, ගම්පහ , රත්නපුර, කෑගල්ල, උතුරු කොළඹ (රාගම) වැනි රෝහල්වල ධාරිතාව ඉක්මවා යමින් ඇති බවද පුවත්පත් වාර්තාවල දැක්වෙනවා.

රාගම රෝහලේ තත්ත්වය ගැන අවධානය යොමුකළ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (04) පස්වරුවේ රාගම ශික්ෂණ රෝහලේ සිදුකෙරෙන කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සහ අදාළ ගැටලුසහගත තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.නිරීක්ෂණයෙන් පසු අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමැතිවරිය මෙලෙස සඳහන් කර තිබෙනවා.

‘රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සම්බන්ධයෙන් සොයා බැලීමට මමත් , සෞඛ්‍ය ලේකම්තුමත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාත් රෝහල් කිහිපයකටම යනවා. ඒ අනුව තමයි අද රාගම රෝහලට පැමිණියේ. කොවිඩ් ආසාදිතයන් රෝහලට රැගෙන ආ පසු පළමුවෙන්ම රෝගීන් ඇතුළත් කරන වාට්ටුවක් තිබෙනවා. ඉන් අනතුරුව වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයෙන් පසු එම රෝගීන් යොමුකරනු ලබන්නේ දැඩි සත්කාර ඒකකයටද , අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයටද , සාමාන්‍ය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලටද නැතිනම් නිවෙස් තුළ ප්‍රතිකාර සේවා සඳහා යොමු කරනවාද යන්න තීරණය කරනු ලබනවා”

“පසුගිය දවස්වල සමාජ මාධ්‍ය ජාල තුළ අපි දැක්කා මේ වාට්ටුව අරගෙන සමස්ත කොවිඩ් රෝගීන් ඉන්න වාට්ටු සියල්ල එක වගේ කියලා පෙන්වා දී තිබුණා. අද රෝහලේ අධ්‍යක්ෂතුමා සමඟ සාකච්ඡා කළේ රාගම රෝහලේ තවත් වාට්ටු කිහිපයක් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කිරීමට සහ තවත් තදබදයක් තිබෙනවා නම් තවත් වාට්ටු කිහිපයක් ප්‍රතිකාර සේවාවන් සඳහා එක්කිරීම පිළිබඳවයි.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now