පුද්ගලයෙක්ව කපා කොටා ඝාතනය කරයි
හික්කඩුව - තලාගස්දෙනිය ප්‍රදේශයේ පාලු නිවසකදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 35හැවිරිදි වියේ පසුවූ අයෙකු බවට තොරතුරු අනාවරණ වී ඇති බවය.
මියගොස් ඇති පුද්ගලයා තවත් පිරිසක් සමඟ මත්පැන් පානය කරමින් සිටිදී එම ස්තානයට පැමිණි තවත් පිරිසක් විසින් ඔහුට තියුණු ආයුධ වලින් පහර දී මෙම ඝාතනය කර ඇති බවට පොලිසිය සැකපළකරයි.
පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයා මීටියාගොඩ කලුපේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති බවය. ඔහු පසුගිය ජූලි මාසයේදී කලුපේ ප්‍රදේශයේ තරුණයෙකු තියුණු ආයුධ වලින් පහර දී බරපතල තුවාල සිදුකොට ප්‍රදේශයයෙන් පළාගොස් සැඟව සිටි අයෙකු බවට තොරතුරු අනාවරණය වි ඇත. පො
ලීසිය පැවසුවේ ඔහු නැවතත් අද (20) මෙම ප්‍රදේශයට පැමිණ සිටි අවස්තාවකදී යම් පිරිසක් විසින් ඔහුව ඝාතනය කර ඇති බවය. මෙම ස්ථානයේ වෙඩි තැබීමක්ද සිදු වී ඇති බවට නිරීක්ෂණය වී ඇත.
පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කළේ ඝාතනය සිදුවූ ස්ථානය, අපරාධ ස්ථානීය පරීක්ෂක නිලධාරීන් (SOCO) සහ ඇඟිලි සලකුණු නිලධාරින් විසින් පරීක්ෂා කර ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂාව සිදු කොට ඇති අතර හික්කඩුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |