ධම්මික රණතුංගට අධිකරණයෙන් නියෝගයක්

Report

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටින ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතාට නොතීසි ලද විට මහාධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියම කර තිබේ.

 මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය දැනුම් දුන්නේ මෙම සැකකරුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙන බවයි .

ඒ, මහාධිකරණයේ නොතීසි ලද විට සැකකරුට එම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

 ඒ වගේම මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මෙම කරුණට අදාළව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත අවසන් කිරීමටයි.

මෙරට ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුභාවයෙන් පෙළෙනවා කවුරුත් නොසිතූ නවතම අනාවරණය මෙන්න

මෙරට ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුභාවයෙන් පෙළෙනවා කවුරුත් නොසිතූ නවතම අනාවරණය මෙන්න

2017 - 2018 වර්ෂයේ මාස 6ක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට නියමිතව තිබූ දිගුකාලීන ටෙන්ඩර් 3ක් අවලංගු කොට, ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් 27ක් යටතේ ඉන්ධන මිලදී ගැනීම තුළින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදුකිරීම හා ඊට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.