ව්‍යාජ යාචකයෙක් වෛද්‍යවරයකුව ඝාතනය කරයි.
Sri Lanka Police
Sri Lanka
By krishani
තියුණු ආයුධයකින් පහර දී තලවතුගොඩ ප්‍රදේශයේ දී දේශීය වෛද්‍යවරයකු ඝාතනය කර ඇති පුවතක් වාර්තා වේ.
ඒ තලාහේන ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි වෛද්‍යවරයෙක් ය.
සැකකරු යාචකයකු ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලා තිබෙනවා.
එහිදී දෙදෙනා අතර ඇති වූ මත ගැටුමක දී සැකකරු මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
මේ අතර, තලංගම පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 45ක් වන වෙල්ලස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.
අද (24) ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |