තියුණු ආයුධයකින් පහරදීමකින් තරුණයෙක් ජිවිතක්ෂයට..
Sri Lanka Police
Sri Lanka
Crime
By krishani
ඊයේ (12) පොළොන්නරුව - සුවසෙතගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු පොළොන්නරුව රෝහලට ඇතුලත් කළේ ය.
එම තුවාලකරු රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 24 ක් වන සුවසෙනගම ගල්ලෑල්ල ලිපිනයේ පදිංචිකරුවෙක් වේ.
අදාළ පුද්ගලයා තවත් මිතුරන් දෙදෙනෙකු සහ අසල්වැසියෙකු සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසු අසල් වැසියා විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදු කර ඇත.
සැකකරු තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පොළොන්නරුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
අදාළ තරුණයාය්ගේ මළ සිරුර පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |