රෝහල් භූමියක දෙපිරිසක් අතර ගැටුමක් - පුද්ගලයෙක් ජිවිතක්ෂයට.
කලවාන රෝහල් භූමියේ දී හටගත් ගැටුමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් විය.
ඒ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක දී තුවාලකරුවන් කලවාන රෝහලට රැගෙන ඒමෙන් පසුව ඇති වූ ගැටුමකින් ය.
තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළ අතර එම පහර දීමෙන් මියගොස් ඇත්තේ කලවාන දෙල්ගොඩ ජනපදයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් ය.
ඊයේ(16) රාත්‍රියේ දෙල්ගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් අසල මියගිය පුද්ගලයා සහ ඔහුගේ හිතවතුන් දෙදෙනෙකු මත්පැන් පානය කර ඇත.
එහිදී ඝාතනය සිදු කළ සැකකරු සිය පියා සමඟ එම ස්ථානයෙන් ගමන් කරමින් සිටියදී මිය ගිය පුද්ගලයා ඔවුන්ට පහර දී තිබෙනවා.
පහරකෑමට ලක් වූ ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කලවාන මූලික රෝහලට යමින් සිටිය දී යලිත් වරක් එම දෙපාර්ශවය අතර ගැටුමක් හට ගෙන ඇත.
එම ගැටුමෙන් දෙපාර්ශවයම තුවාල ලබා ඇති අතර පසුව ඔවුන් කලවාන රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත්, එහිදී ද නැවත වරක් යලි ගැටුමක් හටගෙන ඇත.
එම අවස්ථාවේ දී තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.