හිතුවෙවත් නැති වෙලාවක, අනියම් බිරිඳව උස්සලා පොළොවේ ගහලා - අවසානයේ දී සිදු වුණ දේ ගැන ඔහුත් හිතන්නම නැතුව ඇති..

Kalutara Sri Lanka Crime Death
By krishani Oct 12, 2023 12:03 PM GMT
krishani

krishani

Report

සිය අනියම් බිරිඳට කොස්සකින් සහ අතින් පයින් පහර දී ඔසවා පොලොවේ ගසා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුවතක් වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සමගින් විත්තිකරුවා, වරදකරු කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් එම්. අබේරත්න විසින් අද (12) ඔහුට මරණ දඩුවම නියම කළේ ය.

වරදකරු පයාගල, හල්කඳවිල , සිංහගම ප්‍රදේශයේ පදිංචි නෙවිල් ප්‍රනාන්දු යන පුද්ගලයෙක් ය.

ඔහු පයාගල , හල්කඳවිල , සිංහගම ප්‍රදේශයේ පදිංචිව සිටී එල්.තනූජා බණ්ඩාර නමැති කාන්තාවට 2015 පෙබරවාරි මස 15 හෝ ඊට ආසන්න දිනක දී අතින් පයින් සහ කොස්සකින් පහර දී තිබෙනවා. 

එමෙන්ම ඇයව ඔසවා පොලවේ ගසා ඝාතනය කර ඇත. 

ඒ සම්බන්ධයෙන් අධිකරණයේ දී අණාවරනය වූයේ සැකකරුට එරෙහිව චෝදනා ඇති බවයි.

ReeCha