අවන්හලක් තුළ මිනිස් ඝාතනයක්.
By krishani
අම්බලන්ගොඩ - බටපොල - බටදූව ප්‍රදේශයේ අවන්හලක් තුළ දී තියුණු ආයුධවලින් පහර දී මිනිස් ඝාතනයක් සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
ඒ මත්පැන් පානය කරමින් සිටි දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් වැළැක්වීමට ගිය පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර ඇත්තේ.
මියගිය පුද්ගලයා අවන්හල තුළ ඇති වූ ගැටුම වළක්වා තිබෙනවා.
පසුව ඔහු එහි සිට මත්පැන් පානය කර ඇති අතර පසුව එම ස්ථානයට පැමිණී තියුණු ආයුද රැගත් පුද්ගලයන් දෙදෙනෙකු මෙම පුද්ගලයාට පහරදී තිබෙනවා.
37 හැවිරිදි කොබෙයිතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
කෙසේවෙතත්, ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.