මල්වානේ ඉඩම අල්ලගත් අන්තරේ සිසුන් ගැන අගමැතිනියගෙන් හදිසි තීරණයක්
දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භාරයේ පවතින මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩමක දින කිහිපයක සිට රැඳී සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍ය පිරිස සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය මෙන්ම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ අවධානය යොමු වී තිබේ.
අදාළ ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමඟ විශේෂ සාකච්ඡාවක් හෙට (18) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡාව අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අවසන් තීරණ ගැනීමට නියමිත බවද වාර්තා වේ.