ටෙස්ට් තරගය අතරතුර දී ක්‍රීඩකයෙක් රෝහල් ගත කරයි.

Srilanka Covid 19
By Sithumi Nov 21, 2021 10:04 AM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පන්දුව ආරක්ෂක හිස්වැසුමේ වැඳීමෙන් ක්‍රීඩකයෙකු රෝහල් ගතකර තිබේ. 

තරගයේ විසිතුන්වන පන්දුවාරයේ හතරවන පන්දුවට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් එල්ල කළ පහර ශෝට් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටි ජෙරමි සොලොසනෝගේ ආරක්ෂක හිස්වැසුමේ වැඳීමෙන් ඔහුව එලෙස රෝහල් ගතකර ඇත.

අනතුරට ලක්වූ ක්‍රීඩකයා මේ වනවිට කොළඹ රොහලක් වෙත ගෙනවිත් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. ටෙස්ට් වරම් හිමිකර ගනිමින් ජෙරමි සොළොසානෝ සහභාගී වූ පළමු ටෙස්ට් තරගය මෙය වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha