ශ්‍රී ලංකා ක්‍රිකට් සහායක කාර්යමණ්ඩලයේ පුද්ගලයෙකුට කොවිඩ්.. ක්‍රීඩකයින් අනතුරේ..?
රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහායක කාර්යමණ්ඩලයේ අයෙකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
අනතුරුව ඔහු නිරෝධායනය වෙත යොමුකර ඇති බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිවෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
2022 වසරේ පැවැත්වෙන 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් නවසීලන්තය ඉවත් වි තිබේ. නිරෝධායන කොන්දේසි සැලකිල්ලට ගනිමින් නවසීලන්තය මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
නවසීලන්ත කණ්ඩායම ඉවත්විමත් සමග 2022 වසරේ 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සදහා ඇතුලත්විමේ අවස්ථාව ස්කොට්ලන්තයට හිමිව තිබේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන ජනවාරි මස 14 වනදා සිට කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් කැරිබියන් දූපත් හිදී පැවැත්විමට නියමිතය.
කාණ්ඩ 04ක් යටතේ පැවැත්වෙන තරගාවලියේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ඩී කාණ්ඩය යටතේ තරග වදින අතර නවසීලන්ත කණ්ඩායම ද එම කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතව තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
