හෙට ගන්නා තීරණය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාගෙන් ඉඟියක්

By Sithumi Dec 02, 2021 04:52 PM GMT
Sithumi

Sithumi

Report

රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද (02) නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 328ක් ලබා සිටියේය. 

ඒ අනුව හෙට (03) දිනයේදී ගන්නා තීරණය ගැන තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පැවසීය. අද තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු ඒ බව සඳහන් කළේය. "මුලින් තිබුණු තත්ත්වයත් එක්ක අපි හිතුවේ ලකුණු 200ක් 250කට යන්න පුළුවන් වුණොත් අපිට ලොකු අවස්ථාවක් කියලා. නමුත් දැන් ලකුණු 280කට කිට්ටු වෙන්න තියෙනවා." 

"හෙට උදේට අපි බලලා තීරණයක් ගන්නවා මොකද කරන්නේ කියලා. ධනංජය යි ඇඹුල්දෙණියයි කියන්නේ ලොකු දඟ කැවීමක් තිබුණේ නෑ කියලා විකට් එකේ. දඟ කැවෙන්නෙත් විකට් එකෙන් එළියෙ කියලා." 

"අපි හෙට උදේ බලනවා, තව ලකුණු 20ක් 30ක් හෙට උදේ ගහලා නවත්වනවා ද? නැත්තම් පන්දුවට පහර දෙන්න කොදෙව්වන්ට අවස්ථාව දෙනව ද කියලා." "අපි දැක්ක විදිහට අලුත් බෝලෙන් තමයි පිතිකරුවන්ට යම් පීඩනයක් තියෙන්නේ. අලුත් පන්දුව ඉක්මනින් දඟ කැවෙන තත්ත්වයක් තියෙනවා. 

නමුත් පන්දුව පරණ වෙන්න වෙන්න පිතිකරුවන්ට ලේසියි ලකුණු ගන්න. හෙට දවස බැලුවාම අලුත් පන්දු දෙකකට සෙල්ලං කරන්න අපිට අවස්ථාව තියෙනවා." "අපේ කඩුලු බැලුවාම දෙකක් දුවද්දී දැවී ගියා. අනෙක් ඒවා පහරවල්වලට ගිහින් තමයි අවුට් වුණේ. 

හොඳ පන්දුවලට අවුට් වුණ අවස්ථා අඩුයි ටිකක්." "මට 2019දීත් ලකුණු 1,000 මග හැරුණා. මම තරග සීමිත ප්‍රමාණයක් තමයි සෙල්ලම් කළේ. මේකෙත් මම ප්ලෑන් කරන් ආවා. ඉලක්කය වුණේ මැච් දෙකේ ලකුණු 400ක්. නමුත් ඔලුවේ ගොඩාක් දේවල් තිබ්බා. මට දැනුනේ නිකං පෙෂර් එකක් ඔලුවට දාගත්තා වගේ කියලා. 

ඒ දේවල් නිසා මම සෙල්ලං කරන විදිහ ටිකක් විතර වෙනස් වුණා කියලා මට හිතෙනවා." ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 328ක් ලබා සිටියේය. .

ඒ අනුව සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 279ක් ඉදිරියෙන් සිටී. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 153 යි. ඇඹුල්දෙණිය නොදැවී ලකුණු 25යි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha