ක්‍රිකට් අතුරු කමිටුව ගැන කැබිනට් මණ්ඩලයෙන් විශේෂ අලුත් තීරණයක්..

Ranil Wickremesinghe Sri Lanka Cricket Sri Lanka
By Sewvandhi Nov 06, 2023 03:28 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (06) පස්වරුවේ රැස් වූ කැබිනට් මණ්ඩලය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සහ අදාළ ගැසට්ටුව සම්බන්ධයෙන් සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයා අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ද නව අතුරු කමිටුවට පත්කළ සාමාජිකයින් පිළිබඳව ද ජනාධිපතිවරයා දැනුවත්ව නොසිටි බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ, ජනාධිපතිවරයා මේ ගැන දැනුවත්ව ඇත්තේ මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තාවලින් බවය.

මෙවන් පසුබිමක කැබිනට් රැස්වීම අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අතර එහිදී ක්‍රිකට් නව අතුරු කමිටුව සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ. එහිදී තීරණය වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සහ අදාළ ගැසට්ටුව සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කිරීමටය.

ඒ සඳහා අලි සබ්රි අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවට ටිරාන් අලස් , මනුෂ නානායක්කාර, කංචන විජේසේකර යන අමාත්‍යවරුන්ද ඇතුළත්ය.දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ,  පස්වරු 6.30 ට පමණ අවසන් වූ කැබිනට් රැස්වීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම ආරම්භ වූ අතර එහිදීත් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කෙරෙන බවය.

Gallery
ReeCha