ක්‍රිකට් පිටියේදී පන්දුවක් හිසේ වැදී අවාසනාවන්ත ලෙස ජීවන ගමනට සමුදුන් ලෝක පූජිතයා.(PHOTOS).

Cricket Icc Australia cricket team Feel huse
By Aruna Nov 28, 2021 01:20 AM GMT
Aruna

Aruna

Report

ෆිල් හියුස්....! ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරුවෙකු වන ෆිල් හියුස්ව නොදන්නෙ කවුද ?

අවාසනාවන්ත ලෙස ඔහු අවසන් ගමන් යන්නෙ හදිසි හෘදයාබාධයකින් හෝ නම් නෙවෙයි.

ක්‍රිකට් පිටියේදී පන්දුවක් හිසේ පතිත වීමෙන් ඔහුට නොසිතූ ලෙස දිවි හැර යන්නට සිදු වුණා. ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ෂෝන් ඇබට්ගේ පන්දුවක්, මෙලෙස ෆිල් හියුස්ට මරණය ගෙනාවා.

ඒ ඔස්ට්‍රේලියාවේ සවුත් වේල්ස් හිදී යි. ෂෝන් ඇබට්ගේ වේගවත් පන්දුවට ඉන් අනතුරුවත් ක්‍රීඩකයින් ගොදුරු වුණා.

වරෙක විල් පිකොව්ස්කි ද ෂෝන්ගේ පන්දුවක් නිසා අනතුරුට ලක් වුණා.

එම අවස්ථාවේ ෂෝන් ඇබට් කඳුළු සැලූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ෆිල් හියුස් 1988 නොවැම්බර් 30 උපත ලැබූ අතර ඔහු මිය යන විට අවුරුදු 25ක් වුණු යෞවනයෙක්. (එය සිදුවූයේ 2014 වර්ෂයේ යි.)

මේ සුපිරි ක්‍රීඩකයා අපෙන් සමුගෙන ඊයේ දිනට වසර 7ක් සපිරෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha