නීතියත් සතේට දාමින් මහේස්ත්‍රාත් නිල නිවෙසට රතිඤ්ඤ දාලා..පරීක්ෂණ වලින් හෙළිවූ දේ..
පොළොන්නරුව අංක (01) මහේස්ත්‍රාත්වරයා පදිංචි නිල නිවසට කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් රතිඤ්ඤා කරලක් පත්තුකර දමා තිබෙනවා.
පොළොන්නරුව පොලිසිය පවසන්නේ, පොළොන්නරුව නවනගරයේ පිහිටි නිල නිවසේ තාප්පයට උඩින් මෙසේ රතිඤ්ඤා කරල විසිකර තිබෙන බවයි.
මාර්ගයේ යමින් සිට රතිඤ්ඤා කරලක් පත්තු කර තාප්පයෙන් ඇතුළට විසිකර ඇති බවයි, මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරන පොළොන්නරුව පොලිසිය පැවසුවේ.
එම අවස්ථාව වන විට මහේස්ත්‍රත්වරයාගේ මව සහ පියා නිල නිවසේ සිට තිබෙනවා.
ඒ මොහොතේ ආරක්ෂාවට පොළොන්නරුව පොලිසියේ පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු සිට ඇති බවත් පැවසෙනවා.පොලිසිය පවසන්නේ, වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මක බවයි .