කිලිනොච්චියේ පාලනය කරගත නොහැකි " වසූරිය " අවදානම.
කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ කිහිපයක ගවයින්ට වසූරිය තත්වය වැළඳී ඇති තිබෙනවා.
එය වේගයෙන් පැතිරෙමින් පවතින අතර පාලනය කරගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවයි පශුසම්පත් නිලධාරීන් සඳහන් කරන්නේ.
ඒ, අනුව පූනකරී , කරච්චි, ඉයක්කච්චි, පලෙයි, ඌරතීපුරම් ආදි ප්‍රදේශ කිහිපයක ගවයින් විශාල ප්‍රමාණයකට මේ වන විටත් සිරුරේ ගෙඩි ප්‍රමාණයක් වැළඳී තුවාල වී ඇති අතරම ඉන් 30 කට අධික ප්‍රමාණයක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පවතින තත්වය පිළිබඳ පරික්ෂණ සිදුකරන ලද පශුසම්පත් හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශුවෛද්‍ය සුබ්‍රමණියම් ගජරංජන් මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසින්,
“මේ වසූරිය වැනි රෝගය වෛරසයක් වගේ පැතිරෙන අවධානමක් තියෙනවා. කිනිතුල්ලන්ගෙන් සහ මැස්සන්ගෙන් තවත් ගවයෙකුට පැතිරෙන අවධානම වැඩිවෙලා ඒ නිසා සමස්ත ගවයින්ම අවධානමේ.
මේ තත්වය 2020 ත් ඇතිවුනා එහිදී රෝගය පාලනය කරගන්න පුලුවන් වුණා. නමුත් මේ වතාවේ අපහසු වෙලා තියෙන්නේ මේ වන විටත් ගොවීන්ට අවශ්‍ය උපදෙස් ලබාදීලා තියෙන්නේ ඒ උපදෙස් වලට අනුව ක්‍රියාකලොත් රෝගය පාලනය කරගන්න පුළුවන්.පුළුවන් තරම් ගවයින් හුදකල කලයුතුයි. එවිට පැතිරීම වැලකෙනවා.”
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |